28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින් රැකියාවට කැඳවීම සීමා කෙරේ

රජයේ සේවකයින් රැකියාවට කැඳවීම සීමා කෙරේ

රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල කැඳවීම සීමා කරන්නැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් සේවයට කැඳවීමට කටයුතු කළ යුතු බවත් දුර බැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරීන් පදිංචි ස්ථාන අසළ සේවා ස්ථානයකට තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානීන්ට ලබා දෙන ලෙසද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලේකම්වරයාට දන්වා ඇත.‍