23 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වර්ණවාහිනී මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට සහ තවත් මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තුව තුලදී ඉන්දික අනුරුද්ධ සහ...

ස්වර්ණවාහිනී මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරාට සහ තවත් මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තුව තුලදී ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ චණ්ඩි පාට් දමයි

ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු වාර්තාකරුගේ සහ තවත් මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකථන ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් පැහැර ගෙන තිබෙනවා.
මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජන කර, පහර දීමට උත්සහ කර ඇති බවද වාර්තා වනවා.

ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් විසින් ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථනයද පැහැර ගෙන තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් විසින් නිසි අවසරයක් ලබා ගෙන එහි කටයුතු ආවරණය සිදු කරන අතර තමන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් කථානායක කාර්යාලයට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවධානයට යොමු කළා.