― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහරීන් හා මනූෂගේ සහයත් රනිල්ට

හරීන් හා මනූෂගේ සහයත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

ඔවුන් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ අගමැතිවරයාට සහය පළකිරීමේදී කොන්දේසි කිහිපයකට යටත්ව එය සිදුකරන බවයි.

1.සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ”ගෝඨා ගෝ හෝම්” යතාර්ථයක් කරනු පිණිස ඔබ විසින් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනිමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද ? ඒ සදහා නිශ්චිත දින සහ වකවානු කවරේ ද ?

2.රාජපක්ෂවරු රැකිමට කොළඹට පැමිණ රට ලේ විලක් කළ රාජපක්ෂ කලහාකාරීන්ට මෙන්ම ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙනුවෙන් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග මොනවාද ?

3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනම් කිරීම.

4.රට අරාජික වීමට මූලාරම්භය වූ සහ අසමත් පාලනයක් මේ රට තුළ බිහිවීමට බලපෑ පාස්කු කුමන්ත්‍රණයට සම්බන්ධ වූ චූදිතයින්ට එරෙහිව කඩිනම් නීතිමය පරීක්ෂණයක් පැවැත්වීම,වැරදි කරුවන්ට දඩුවම් කිරීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ අවශ්‍ය නම් අපක්ෂපාති ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම .

5.මෙරට අරාජිකත්වයට පත්වීමට හේතු වූ මුල්‍යමය සහ අනෙකුත් වංචාවන්ට සම්බන්ධ වූ රාජපක්ෂවරු සහ ඔවුන්ට සම්බන්ධ සියලුම පුද්ගලයින්ගෙන් එම මුදල් අය කර ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.

6.කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලුම ක්ෂේත්‍ර උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.

7.රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම ඇතුලුව අනීතික සහ අසාධාරණයට ලක් වූ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් පිළිබදව ගන්නා වූ තීරණයන්.