23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් තෙල් පෝලිම්වල ඉන්න එපා

අදත් තෙල් පෝලිම්වල ඉන්න එපා

පෙට්‍රල් ලබා ගැනීම සඳහා අදත් (18) පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලයි.

නමුත් ඊයේ (17) රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබේ.

අද (18) පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බවත් හෙට (19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති දැවි තෙල් හා පෙට්‍රල් නෞකා සඳහාද කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.