27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකොච්චර ණයක් ගෙවන්න තිබ්බත් ඒකට අපිට සල්ලි නැහැ

කොච්චර ණයක් ගෙවන්න තිබ්බත් ඒකට අපිට සල්ලි නැහැ

ගෙවිය යුතු කොපමණ විදේශ ණය ප්‍රමාණයක් තිබුණද ඒවා ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

මෙරට ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව ණය පියවිය නොහැකි රටක් ලෙස නම් කිරීමේ අවදානමක් මතුව ඇති බව අද පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

මෙම තත්වයෙන් මිදීම සඳහා ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල කුමක්දැයි ඔහු එහිදී අගමැතිවරයාගෙන් විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලබාගත් ණය සම්බන්ධයෙන් තිබෙන තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි. ඇතැම් තොරතුරු නිවැරදි නොවන බවද අගමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ නිළධාරීන් ඇතුළු වගකිව යුතු අංශ කැඳවා තොරතුරු ලබා ගන්නා බවත් ඒ අනුව ඉදිරි සතිය තුළදී සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.