27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවික හමුදාවේ 2084කට උසස්වීම්

නාවික හමුදාවේ 2084කට උසස්වීම්

13 වන යුද විජයග්‍රහණ සංවත්සරයට සමගාමීව නාවික හමුදා නිලධාරීන් 74කට සහ නාවිකයින් 2,010 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

ජනාධිපතිවරයාගේ අනුදැනුම මත ගුවන් හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් මෙම උසස්වීම් පිරිනමා තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 9 දෙනෙකු සහ කනිෂ්ඨ නිලධාරීන් 65 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇති අතර නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනා දෙකෙහිම විවිධ තරාතිරම්වල කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නාවිකයින් 2,010 දෙනෙකුටද උසස්වීම් ලබා දී ඇත.