පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියකින් ශ්‍රී ලංකා පොලීසියේ අකටයුතුකම් පිළිබඳව අනාවරණය වී තිබේ.
2021.01.01 වැනිදා සිට 2021.10.31 වැනිදා තෙක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථානාධිපතිවරුන් පත්කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම් මෙන්ම පොලිස් නිලධාරින් විවිධ විශමාචාර ක්‍රියාවලට යෙදී සිටියදී අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් තොරතුරු එම ලිපියෙන් හෙළි කර තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිවීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමබන්ධතා පවත්වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම, පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වැනි කරුණුද මේ හරහා හෙළි කර තිබේ.
මෙය අනාගතයේදී මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා බාධා ඇතිකරනු ඇති බවද ඔහු සිය ලිපියෙන් පවසයි.
ලිපියට අදාළ කාලසීමාව තුළදී පොලිස් ස්ථානාධිපතිරුන් 184ක් පත්කර ඇතැත් එයින් දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් පත්කිරීම් නිසි ක්‍රමවේද අනුව සිදුව නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙහිදි අදාළ ස්ථානාධිපතිවරුන් අතරින් පුද්ගලයන් 126ක්ම ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරිමට අදාළ සම්මුඛ පරීක්ෂණ සඳහාද එක්ව නොතිබූ අය බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. එසේම සම්මුඛපරීක්ෂණවලදී පොලිස් ස්ථානාධිපති ධුරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් 03ක්ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇතැයි ඔහු පවසයි.







