28.9 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමට ඉතුරු වුණේ ඇඳිවත විතරයි - ලන්සා පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි

මට ඉතුරු වුණේ ඇඳිවත විතරයි – ලන්සා පාර්ලිමේන්තුවේදී හඬා වැටෙයි

තමාට දැන් ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බවත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම හානිය සිදුවුයේ තමාට බැවින් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් නිමල් ලන්සා පවසයි.

නිමල් ලාන්සා අද (18) පාර්ලිමේන්තුවේදී සිය දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් වරින් වර හඬා වැටුණේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පියාගෙන් සීයාගෙන් ලැබුණු දේවල් මෙන්ම තමා හරි හම්බ කළ දේවල්ද මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නැතිවූ නමුත් ඒ සම්බන්ධයෙන් තමා හිත හදාගෙන සිටින බව හා මෙවැනි දේවල් ඉදිරියටත් සිදු වුවහොත් රට නැතිවන බවත්ය.

තමාට උදව් කිරීමට බොහෝ හිතවතුන් ඉදිරිපත්ව සිටින බව පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධ හෝටල් හිමියකු තමාට ඔහුගේ හෝටලයක නවතින ලෙසට ආරාධනා කළ බවද සඳහන් කළේය.