27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ත්‍රස්තවාදය නිම කර අදට වසර 13යි

මෙරට ත්‍රස්තවාදය නිම කර අදට වසර 13යි

ශ්‍රී ලංකාවේ වසර 30ක් මුළුල්ලේ පැවති රුදුරු ත්‍රස්තවාදය නිම කිරීමේ 13 වැනි සංවත්සරය අදට (18) යෙදී තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ‘මැයි දහඅට වැනිදා’ ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය නිල වශයෙන් නිම වූ දිනය හැටියට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2009 මැයි 18 වැනිදායි.

2009 මැයි 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු නායකයින් ඝාතනය කිරීමත් සමඟ වසර 30ක් පුරා මුළු රටම වෙලාගත් රුදුරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරිමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් විය.

පොලිසිය සහ සිවිල් ආරක්ෂක භටයින් එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ මෙහෙවර කියා නිම කළ නොහැකිය. රණවිරුවන් දිනා දුන් ඒ නිදහස ලක්වැසියන්ට අමතක කළ නොහැකි විජයග්‍රාහණයකි.