28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ පා ගමනට අධිකරණ නියෝගයක්

අන්තරේ පා ගමනට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරත වන සිසුන්ට කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුව පොලිස් වසමේ එන් එස් ඒ වටරවුමේ සිට චෛත්‍ය පාර, එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල්වීදිය යන මාර්ගවලට ගමන්කිරීම, එකී මාර්ගවලට ඇතුළුවීම අද (19) නොකළ යුතු බව අදාළ අධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.