28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පොලිසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තුවට ප්‍රවේශය වන පොල්දූව මංසන්ධියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උද්ඝෝෂණය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමට තිබෙන අවස්ථාව අවහිර වන බව දක්වමින් පොලිසිය මෙම ඉල්ලීම කර ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ වරප්‍රසාද කඩ වීමක් සිදුවන බවත් එබැවින් අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසියේ අධිකරණයෙන් ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම ස්ථානයේ යම් සාමය කඩවීමේ සිද්ධියක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලීසියට හැකියාව පවතින බවයි.