26.2 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොරතෙල් නැවට ඩොලර් ලක්‍ෂ 28ක ප්‍රමාද ගාස්තුවක්

බොරතෙල් නැවට ඩොලර් ලක්‍ෂ 28ක ප්‍රමාද ගාස්තුවක්

තෙල් පිරිපහදුව වසා දමා අදට (19) මාස දෙකක් ගත වී ඇති බවත් මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී ඇති බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ බොරතෙල් නොමැති වීම හේතුවෙන් මාර්තු 19 වැනිදා පිරිපහදුව වසා දැමූ අතර පිරිපහදුවේ නඩත්තු කටයුතු හා ආරක්‍ෂක කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බව හා මේ වෙනුවෙන් මාසයකට සේවක වැටුප් ගෙවීමට රුපියල් කෝටි 16ක් අවශ්‍ය බවයි.

මීට අමතරව පසුගිය 25 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නැව ගොඩබෑම ප්‍රමාද කිරීම නිසා දිනකට ඩොලර් 120,000ක් ප්‍රමාද ගාස්තු මුදලක් ගෙවමින් තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. මේ අනුව අද දිනය වනවිට ඩොලර් ලක්‍ෂ 28කට අධික ප්‍රමාද ගාස්තු මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් ලබාදීම තුළින් විදුලි නිෂ්පාදනයට යොදාගන්නා ඩීසල් ජනතාවට ලබාදී ඩීසල් අර්බුදයට විසඳුම් සොයාගත හැකි බවත් පාලිත මහතා ප්‍රකාශ කළේය.