25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමන්කිපොක්ස් ඇමරිකාවත් කලඹයි

මන්කිපොක්ස් ඇමරිකාවත් කලඹයි

යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ රෝගයක් සම්බන්ධයෙන් විද්‍යාඥයින් ගේ දැඩි අවදානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. Monkeypox නමින් හඳුන්වන මෙම රෝගය පළමු වරට 1970 වර්ෂයේදී මිනිසෙකුට ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ අතර එය අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිතව පළමු වරට හඳුනා ගනු ලැබුවා.

වදුරන් ගෙන් ව්‍යාප්තවන වෛරසයක් ඇසුරෙන් ඇතිවන රෝගයක් බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

මේ වන විට Monkeypox වෛරසය ආසාදනය වූ පුද්ගලයින් බ්‍රිතාන්‍යය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ අමෙරිකාවෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පළමුව මෙම වෛරසය ආසාදනය වන රෝගියෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටින්නේ. මේ වන විට එරටින් වාර්තා වී ඇති රෝගීන් ගණන 08ක්.

පෘතුගාලයෙන් සහ ස්පාඤ්ඤයෙන් රෝගීන් 40 දෙනෙකු වාර්තා වී ඇති අතර අමෙරිකාවෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, මුහුණ, අත් පා සහ යටිපතුල් වල ගැටී ඇතිවීම සිදුවන අතර, මෙම රෝගය ආසාදනය වූවන්ගෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 10% ක අගයක් ගනු ලබනවා.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙම වෛරසය වාතයෙන් මෙන්ම, කේට ශ්‍රාවයන් ගෙන් ද ව්‍යාපත් වීමේ හැකියාවක් ඇති බවයි.

දැනට යුරෝපයේ ව්‍යාප්ත වෙමින් පවතින මෙම Monkeypox වෛරසය සමාජ සම්ප්‍රේෂණය දක්වා ගොස් තිබෙන බවට වෛද්‍යවරුන් සැක පළ කර සිටියි.