― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය අවසානයේදී සමුගත්තා නම් හොඳයි

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය අවසානයේදී සමුගත්තා නම් හොඳයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ එතුමාගේ ජනාධිපති ධුර දෙක අවසන් වූවට පසු සමුගත්තා නම් හොඳ බවත් ඔහු එසේ නොකිරීම නිසා අද සියලුම දුක් වේදනාවලට ලක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පැවසීය.

තනතුරුවලට ලෝභ වුවුඅහොත් මෙවැනි දේවල්වලට මුහණ දීමට සිදුවන බවත් ඒ අතින් රනිල් වික්‍රමසිංහ මහතා හරිම වාසනාවන්ත බවත් පැවසූ චමල් රාජප්ක්ෂ ප්‍රකාශ කළේ 2015දී බහුතරයක් නැතිව ඔහු අගමැති වූ බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී සංවේදී වෙමිනි.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ.

ගරු අගමැතිතුමා (මහින්ද රාජපක්ෂ). එතුමාගේ ජනාධිපති ධුර දෙක ඉවරවුණාට පස්සේ සමුගත්තා නම් හොඳයි. ඒ නැති නිසා අද සියලුම දුක් වේදනාවටල ලක්වෙනවා. විශාල පරිත්‍යාගයක් කරලා තියෙනාවා අවුරුදු 50ක දේශපාලන ඉතිහාසයේ. අද ඒ සියල්ලම නැතිවෙලා තියෙනවා.

අපි දේශපාලනය කරනවානම් අත්හැරීමත් කරන්න ඕන. අපි මේ තනතුරුවට ලෝභ වුණොත් මෙවැනි දේවල්වලට මුහණ දෙන්න වෙනවා. නියම වෙලාවේදී දැනගත්තෝත් අපිට මේ දේ කරන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරිම වාසනාවන්තයි. 2015 දී බහුතරයක් නැතිව අගමැති වුණා. අද එක්කෙනෙක්වත් නැතිව අගමැති වෙලා ඉන්නවා. ඒකත් වාසනාව.”