පෙට්රල් ලබා දෙන ඉල්ලමින් ප්රදේශවාසීන් ඇරඹූ විරෝධතාවයක් නිසා පේරාදෙණිය නගරයේ සිට කොළඹ හා ගම්පොළ දෙසට ගමන් ගන්නා මාර්ග අවහිර වී තිබේ.
පේරාදෙණිය නගරයේ ඇති ඉන්ධන පිරවුම්හලේ පෙට්රල් ලබා දෙන තුරු පෝලිමේ සිටි රියදුරන් ගම්පොළ දෙසට රථ වාහන ධාවනය කළ නොහැකි ආකාරයෙන් ඉන්ධන පිරවුම්හල අසළ මාර්ගය අවහිර කර ඇත.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර එම ස්ථානයට පැමිණි පේරාදෙණිය පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරීන් එක්ව උද්ඝෝෂකයන්ට කරුණු පහදා දී තිබේ.