26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් හා මිලාන්ට ඇප දීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

සනත් හා මිලාන්ට ඇප දීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැනූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබාදුන් නියෝගයකට අනුව මැයි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ නියෝග කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි ප්‍රකාශ කළේ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන සැකකරුවන් අරගලවලට පහරදීමේ සිද්ධියට සක්‍රියව දායක වී ඇති බවයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් ඔවුන් නීතිවිරෝධි ජනරාශියක සාමාජිකයින් නොවූ බව ප්‍රකාශ කළ අතර ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට විරෝධය පළ කළේය.