― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසිංහයෙකු වගේ එන්න හිටපු මහින්ද පූසෙක් වගේ ඇවිත් මීයෙක් වගේ ගියා

සිංහයෙකු වගේ එන්න හිටපු මහින්ද පූසෙක් වගේ ඇවිත් මීයෙක් වගේ ගියා

පාර්ලිමේන්තුවට සිංහයෙකු සේ පැමිණීමට හැකිව තිබූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පූසෙකු මෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

“මේ තත්ත්වය ඇති කරන්න දායක වුණේ අපි. මේ තත්ත්වය ඇති කරන්න හේතුව වුණේ අපි. මේ තත්ත්වය ඇති කරන්න හේතුව වුණේ අපේ ක්‍රියාකලාපයන්. අද මීට අවුරුදු 13කට කලින් මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරපු ඒ ශ්‍රේෂ්ඨ වීරෝදාර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද මෙතැනට එන්න ඕනේ සිංහයකු වගේ. ඒ සමරන දවස. නමුත් අද එතුමා පාර්ලිමේන්තුවට පූසෙක් වගේ ඇතුළු වෙලා එළියට මීයෙක් වගේ ගියපු හැටි දැකපු අපිට හදවතට ශෝකයක් ඇති වුණා. මේ තත්ත්වය තේරුම් අරගෙන අද වෙනකොට එදා රාජපක්ෂවරුන් ළග දණින් වැටුණු මිනිස්සු අද රාජපක්ෂ ගෝ හෝම් කියන මට්ටමට වැටිලා. අද ඒ මට්ටමට රට ගේන්න පෙළ ගැසුවේ කරුණු හැදුනේ මොන හේතුවක් හින්දද? අද මේ රටේ මිනිස්සු ඉල්ලන වෙනසක් තියෙනවා. ඒ වෙනස ඉල්ලන නිසා තමයි 225ට ඇඟිල්ල දික් කරන්නේ.

වෙනස ඉල්ලන හින්දා තමයි පෝලිම්වල ඉන්න මිනිස්සු දැනුත් කිලෝමීටර් 4,5 ඉන්නේ. ගෑස් නෑ. කන්න නෑ. වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ගෙ වේදනාව එළියට දැම්මම අපිට මේකට විසඳුමක් ඕනේ. අපි විසඳුමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පෙට්‍රල් ටික, ඩීසල් ටික දෙන්න, පොහොර ටික දෙන්න, කෑම ටික දෙන්න, බෙහෙත් ටික දෙන්න මේකට වැඩපිළිවෙළක් ඕන. ඒ වෙනුවෙන් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර අරගෙන තියෙනවා. එතුමාට සුබ පතනවා. එතුමාට සහයෝගය දෙනවා. මොකටවත් නෙමෙයි මේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න. හැබැයි එතුමා වැරැද්දක් කලා. එතුමා එය බාර ගන්න කලින් පැහැදිලි කොන්දේසි එක තමයි බාර ගන්න ඕනේ. එතුමා කිසිම කොන්දේසියක් නැතුව ඇවිල්ලා අගමැති පුටුවේ තනියෙන් වාඩිවෙලා කරන්න උත්සාහ ගැනීමේ වැරැද්දක් තියෙනවා.”