28 C
Colombo
Sunday, November 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හල් 4කට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

ඉන්ධන පිරවුම්හල් 4කට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

ඉන්ධන තොග සන්තකයේ තබාගෙන පාරිභෝගිකයන්ට බෙදා හැරීමේ කටයුතු පැහැර හැර වෙනත් ව්‍යාපාරික පාර්ශව වෙනුවෙන් ඉන්ධන තොග එක් රැස් කරන ලද ඉන්ධන පිරවුම්හල් දෙකක සහ ලබා දී ඇති නිර්දේශවලට පටහැනිව බැරල් සහ බූලි වලට ඉන්ධන නිකුත් කරන ලද ඉන්ධන පිරවුම්හල් දෙකකට ඉන්ධන නිකුත් කිරීම ලංකා ඛණිජ් තෙල් සංස්ථාව මගින් ඊයේ සවස සිට අත්හිටුවා ඇත. තවද පොලිස් ඉන්ධන පිරවුම්හල වෙත තුන්වන පාර්ශව වෙත ඉන්ධන අලෙවිය වෙනුවෙන් ලබා දී තිබූ තාවකාලික බලපත්‍රයද අහෝසි කර ඇත.