32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෑස්, විදුලිය, ජලය, ඉන්ධන මිල වැඩි කළ යුතුයි - මහබැංකු අධිපති

ගෑස්, විදුලිය, ජලය, ඉන්ධන මිල වැඩි කළ යුතුයි – මහබැංකු අධිපති

මේ වනවිට අගමැතිවරයෙකු පත්වී පාර්ලිමේන්තුව අඛණ්ඩව රැස්වීම හමුවේ රට ප්‍රගතිය කරා යන මාවතක් පෙන්නුම් කරමින් තිබෙන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) මහබැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ වනවිට මෙරට බදු ආදායම පහළ මට්ටමක පවතින බව හා රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට යම් අර්බුදයක් ඇත්නම් සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බවයි.

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නම් ගෑස්, විදුලිය, ජලය හා ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ දැමීමට තමා නිර්දේශ කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අදාළ පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යන ආයතන පාඩු ලැබීම නිසා තමාට එවැනි නිර්දේශයක් කරන්නට සිදුව ඇතැයි ඒ මහතා කියා සිටියේය.