මීට සුළු මොහොතකට පෙර නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයේත්, විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයේත්, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍ය ධුරයේත්, හරීන් ප්‍රනාන්දු ඉඩම් හා සංචාරක අමාත්‍ය ධුරයේත්, මනූෂ නානායක්කාර කම්කරු අමාත්‍ය ධුරයේත්, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේත්, ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේත් දිවුරුම් දී තිබේ.