29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල්ටත් අගමැතිකම නැති වන ලකුණු

රනිල්ටත් අගමැතිකම නැති වන ලකුණු

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවන බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ඔහුගෙන් පුරප්පාඩු වන අගමැති ධූරය සඳහා ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් පත් වනු ඇති බවයි.

රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සහ රටේ පැවති අස්ථාවර තත්ත්වය හේතුවෙන් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කර ඇති බව ඇය එහිදී අවධාරණය කළාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ මහජන ඡන්දයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතන්නේ නැති බවයි.