පවතින ඉන්ධන අර්බුදය අවම කිරීම වෙනුවෙන්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීමට, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් දැනුවත් කිරීමට සකස් කර ඇති අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ තාක්ෂණ අමාත්‍යංශය අතර හමුවක් පෙරේදා බලශක්ති අමාත්‍යංශයේදී කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළ සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහිදී ප්‍රකාශ කර තිබේ.