29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුයි

ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම හේතුවෙන් සිදුවූ කුඩා දරුවන්ගේ මරණ දෙකක් පිළිබඳව වෛද්‍යවරියක තැබූ සංවේදී සටහනක් සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් මහේල මේ බව සටහන් කර තිබේ.

ඔහුගේ එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ,

“ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැඟෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්තවයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියලු දෙනා මීට වගකිවය යුතුයි.”