2021 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 7.2ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික මහ බැංකු වාර්තාවේ දැක්වේ.
එමෙන්ම 2020 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 7.7ක පාඩුවක් ලබා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
දැනට සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගිකයින්ගේ ඉහළ යන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව්‍ය අගය එකතුකළ සේවාවන් සැපයීම සිදු කෙරේ.