29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශගතවීම සියයට 286කින් ඉහළට

විදේශගතවීම සියයට 286කින් ඉහළට

මේ වසරේ මුල් මාස පහ තුළ මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පුද්ගලයන් 105,821ක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය පවසයි.

එය පසුගිය 2021 වසරේ මුල් මාස පහට සාපේක්ෂව සියයට 286ක ඉහළ යාමකි.
එම කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ දත්ත වාර්තාවලට අනුව 2021 මුල් මාස 5 තුළ 27,360 දෙනෙකු රැකියා සඳහා පිටව ගොස් ඇති අතර එය මේ වසරේ 78,461කින් ඉහළ යාමකි.

2022 මුල් මාස 5 තුළ මේ වන තෙක් විදේශ රැකියා නියෝජිත මාර්ගයෙන් තොරව රැකියා සඳහා විදේශ ගතවී ඇති ප්‍රමාණය 67,156 කි. ඊට පිරිමි ශ්‍රමිකයන් 30,040ක් හා කාන්තාවන් 17,121ක් ඇතුළත්ය.

එසේම මේ වසරේ මේ වනතෙක් බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් කාන්තාවන් 25,224 ක් හා පිරිමි පුද්ගලයින් 13,441ක් රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර එහි සමස්ත අගය 38,665 ක් ලෙස පෙන්නුම් කරන බවත් ඒ අනුව සමස්ථ ප්‍රමාණය 105,821ක් බවත් එම කාර්යාංශය නිවේදනය කරයි.