29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිපක්ෂ නායක හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අතර හමුවක්

විපක්ෂ නායක හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා එහිදී ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව ට එම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබීය.

සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක “විපක්ෂයේ හුස්මක්” හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිලිබදව එහිදී විපක්ෂ නායකතුමා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවිය.