― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපේ රටේ ආදායමට වඩා වියදම වැඩියි - බන්දුල

අපේ රටේ ආදායමට වඩා වියදම වැඩියි – බන්දුල

රජයට ලැබෙන ආදායමට වඩා වියදම දෙතුන් ගුණයකින් වැඩි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

2021 වසරේදී රජයට රුපියල් බිලියන 4ක ආදායමක් සහ රුපියල් බිලියන 9.6 වියදමක් තිබූ බවත් ඒ හේතුවෙන් දෛනික වියදම් සඳහා රුපියල් බිලියන 5.6ක අඩුවක් තිබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“සංඛ්‍යාත්මක වශයෙන් දළ වශයෙන් සඳහන් කළොත් දවසකට රජයට කෝටි 400ක ආදායමක් ලැබෙනවා. දවසකට කෝටි 1000ක වියදමක් තියෙනවා. ආදායම වගේ 2.4ක් වියදම් කරනවා. වියදම් කරන්න එහෙම මුදලක් නැහැනේ. ණය ගන්න වෙන්නේ සෑම රජයක් යටතේම ණය අරගෙන ණය වාරිකයයි පොළියයි ගෙවාගෙන ඇවිල්ලා දැන් තවදුරටත් ණය වාරික පොළිය ගෙවන්න බැරි වෙලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය වාරික ගෙවීම ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා නිල වශයෙන් ක්‍රියාමාර්ග ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා.”