ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ණය කෙටිකාලීන ණයක් ලෙස ලබාගැනීමට නියමිත අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.