― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න WHO සහාය

ඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න WHO සහාය

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවාය.

එම මහත්මිය අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවත් වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළාය.

මෙරට ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බවද ආචාර්ය අලාකා සිං මහත්මිය තවදුරටත් සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය ඇගැයීමට ලක් කළ අතර ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් රැසක් දක්වන සහයෝගයද අගය කළේය.

ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කළේය.