27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධී දුම්වැටි තොගයක් කාත්තන්කුඩියේදී අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් කාත්තන්කුඩියේදී අත්අඩංගුවට

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) කාත්තන්කුඩි පොලිස් වසමේ අල් අමීන් පාර, නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හොර රහසේ මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 1020ක් අඩංගු පැකට් 51ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ දුම්වැටි තොගය කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.