29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබාල ඖෂධවලින් සියයට 99ක් රෝගීන්ට දීලා

බාල ඖෂධවලින් සියයට 99ක් රෝගීන්ට දීලා

නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ බාල වී ඇති බවත් එම ඖෂධවලින් සියයට 99ක් රෝගීන් වෙත ලබා දී ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) තිස්ස විතාරණ විසින් පසුගියදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේ මේ බව ස්ඳහන් විය.

මේ නිසා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඖෂධවල සුරක්ෂිතතාවය සුරැකෙන පරිදි ඖෂධ ගබඩා කිරීම සඳහා පහසුකම් ඇති කිරීමේ වැඩපිළිවෙල හැකි ඉක්මනින් අවසන් කරන මෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කොට තිබේ.

වෛද්‍ය සැපයීම් අංශය සතු ගබඩාවල උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගෙන නොමැති බවත්, වෛද්‍ය සැපයීම්, මධ්‍යම ඖෂධ ගබඩාවේ හා රෝහල්වල කොරිඩෝවල තැන්පත් කර ඇති බවත් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබේ.

වෛද්‍ය සැපයුම් අංශය විසින් තත්ත්වයෙන් අසමත් ඖෂධ හෝ වෛද්‍ය සැපයුම් පිරිවැය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අය කර ගැනීම වෙනුවට අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව අමාත්‍යාංශය ලේකම්වරයා වෙත නියෝග කොට තිබේ.