27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි

බැසිල් හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි

බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.

ඉදිරියේදීත් පක්ෂ දෙක එක්ව කටයුතු කිරීමට තීරණය වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය ජී.එල්.පිරිස්, බැසිල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වී ඇති අතර මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි, යදාමිණි ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.