― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialරනිඳු අතුකෝරළගෙන් සිය පියා ගැන සංවේදී සටහනක්

රනිඳු අතුකෝරළගෙන් සිය පියා ගැන සංවේදී සටහනක්

පසුගියදා ඝාතනයට ලක් වූ අමරකීර්ති අතුකෝරළගේ පුත්‍රයා වන රනිඳු අතුකෝරළ විසින් සිය ෆේස්බුක් සටහනේ සංවේදී සටහනක් යොදා තිබුණා.

ඔහු පවසන්නේ තම පියා දේශපාලනයෙන් හරි හම්බ කරගත් දෙයක් නොමැති බවත් තමා ඉන්න ගෙදරට ගිනිතිබ්බ කතාවත්, මව සියදිවි හානිකරගත්ත කතාවත් සම්පූර්ණයෙන්ම බොරු කතාවක් කියලයි.

මේ ඔහු තැබූ ෆේස්බුක් සටහනයි.

අදට සති දෙකක්.මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා.සෑහෙන්න අමාරුවෙන් හිත හදාගෙන මේක ලියන්න හිතුවෙ දේවල් කිහිපක් නිවැරදි කරන්න ඕනෙ නිසාමයි.වෙලාව තියෙනවනම් විනාඩි දෙකක් අරන් කියවන්න ආරාධනා කරන්නම්.

තාත්ත ගැන පොලොන්නරුවෙ මිනිස්සුන්ටනම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක්නම් නෑ.එහෙම නොදන්න අය දැන් මන් මොනව කොහොම කිව්වත් විශ්වාස කරන්නෙත් නෑ.ඒත් මේක නොකිය ඉන්න මට හැකියාවකුත් නෑ. තාත්ත හොරකන් කරපු ,මංකොල්ල කාපු,කුඩු බිස්නස් කරපු ,නිදන් හාරපු මන්ත්‍රී කෙනෙක් නෙමේ. එයා දේශපාලනයට ආවෙ 2008 පලාත් සභා මැතිවරනයෙන්. අපි දැන් ඉන්න ගෙදර හදල ඉවර කලෙ 2001/2002 වගේ කාලෙ වෙද්දි.සම්පූර්නෙන්ම තාත්තගෙ මහන්සියෙන් හදපු ගෙදරක් මේක. පදින වාහනෙත් එහෙම්මමයි.තාත්ත දිස්ත්‍රික්කෙ හැම මලගෙදරකට ගියපු පුලුවන් හැම වෙලාවෙම කාටම හරි උදව්වක්ම කරන්න උත්සහ කරපු සෑහෙන්න අහින්සක මනුස්සයෙක්. හොද මිනිස්සු ඉක්මනටම යනව කියනවනෙ.ඒකහින්ද මොකක්මහරි වැරදි වෙලාවක් හින්ද එදා නිට්ටබුවෙ අමනුශ්ශයො අතින් ඒ දේ උනත් පොලොන්නරුවෙදි තාත්තට ආසාවට මනුස්සයෙක් හූවත් කියල නෑ . මේ දේ වෙන්න ඒකත් බලපෑව.තාත්තගෙ අවංක කම හින්දම පොලොන්නරුවෙ මිනිස්සු වගෙම අනිත් පැතිවල මිනිස්සුත් එයාට ඒ වගේම සලකයි කියල හිතන්න ඇති. කමක් නෑ. නිට්ටබුවෙ අරගලකරුවන්ගෙ සතුට ඒකන්ම් මායි අම්මයි හිත හදාගන්නම්.
පුන්චි ඉල්ලීමක් තියෙනව.

කරුනාකරල තාත්තගෙ ආරක්ශක නිලදාරිය ( MSඪ් ) ගුනවර්දන මහත්තයට වචනෙකින්වත් දොස් කියන්න එපා. එයා තාත්තට පුදුම ආදරයක් තිබ්බෙ. තාත්තට ගදද්දි ඒවට පැන පැන තාත්තව ආරක්ශා කරන්න පුදුම උත්සහයක් ඒ මනුස්සය දැරුවෙ.එකපාරටම වෙඩි තිබ්බෙ නැති බව දැන් ලංකාවම දන්නව. අනිත් පැත්තෙන් මැරුන කෙනා පොල්ලක් අරන් තාත්තගෙ බෙල්ල හරියට ගහන්න එද්දි තමා එයා වෙඩි තියල තියෙන්නෙ. ගුනවර්දන රාලහමිත් කාඩ මැරයෙක් නෙමේ. තාත්ත වගේම අහින්සක පුදුම ලස්සන හිතක් තිබ්බ මනුස්සයෙක්.එයාටත් මේ පාර උසස්පෙල කරන දුවෙකුයි තව පුතෙකුයි ඉන්නව.එයාල ගැන හිතලවත් එයාට ඕනෙ වෙලාවක පැනල දුවන්න තිබ්බ.ඒත් එහෙම කලෙ නෑ ඒ රත්තරන් මනුස්සය.ඒක හින්ද එයාටත් ජීවිතෙන් වන්දි ගෙවන්න උන.ගතිගුන අතින් ගත්තොත් තනිකරම තාත්තගෙ කපාපු පලුව.මතක්වෙද්දිත් පපුව පිච්චිල යනව. දෙන්නම කලින් ආත්මෙක එකටම කරපු පවක් දෙන්නම එකට ඉවරයක් කරල දැම්ම කියල හිතහදාගන්නම්.වෙන මොනව කියල කරන්නද.

දුක බෙදාගන්න හෝ වේවා අම්මට කතාකරන අය කරුනාකරල මේ සිද්දිය වෙච්ච හැටි ගැන අම්මට මතක් කරන්න යන්න එපා . පුදුම අමාරුවෙන් හිත හදාගත්ත මනුස්සයට කරුනාකරල තවත් රිද්දන්නනම් එපා.

අපි ඉන්න ගෙදරට ගිනිතිබ්බ කතාවත්,අම්ම සියදිවි හානිකරගත්ත කතාවත් සම්පූර්නෙන්ම බොරු කියලත් කියන්නෝනෙ.

තවත් මේකෙ බලන්න ඕනෙ පැතිකඩ ගොඩක් තියෙනව.ඒව ගැනත් ඉස්සරහදි එලිවේවි.
සිද්දිය වෙච්ච දවසෙ ඉදන් අද වෙනකන්ම හැමදේම හොයල බලපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත්, සිරිපාල ගම්ලත්( නිපුන) මැතිතුමාටත් බොහොම ස්තූතී. තවද අතිශයින්ම උපකාර කල අක්කර පන්සීය විහාරයේ ප්‍රේමරතන හාමුදුරුවන්ටත්, ගල්ලෑල්ල නෙලුම්විල පන්සලේ මහනායක හාමුදුරුවන්ටත් බොහොම ස්තූතී.

තාත්ත අවුරුදු 14 දේශපාලනේ කරල හම්බකරපුවගෙ ෆොටෝ කීපයක් පහලින් දාන්නම්.
තාත්තෙ. ඔබට නිවන් සුව.