― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරාජ්‍ය සේවකයින් අද සිට සේවයට කැඳවයි

රාජ්‍ය සේවකයින් අද සිට සේවයට කැඳවයි

අද (24) සිට ආයතන ප්‍රධානියාගේ මග පෙන්වීම මත රාජ්‍ය සේවකයින්න් සේවයට කැඳවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඉන්ධන භාවිතය අවම කිරීම සහ බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කරන බවයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන්ට මැයි 20 වැනිදා රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර එමගින් යම් ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.