26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් - ළමුන් 18ක් ඇතුළු 21ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් – ළමුන් 18ක් ඇතුළු 21ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මියගිය පිරිස අතර පාසැලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් 18 දෙනෙකු හා ගුරුවරුන් 03 දෙනෙකු වනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දරුවන් 13 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඒ අතරින් දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මියගිය දරුවන් අවුරුදු 7 ත් 10 ත් අතර වයස් සීමාවේ පසුවූ 02, 3 සහ සිව්වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ දරුවන් වනවා.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේම පදිංචිව සිටි 18 හැවිරිදි බාලවයස්කරුවෙකු බවත්, පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ අදාළ සැකකරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටෙක්සාස් ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.