― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅයවැයෙන් බොරු ආදායමක් පෙන්වා පාර්ලිමේන්තුව නොමඟ යවලා

අයවැයෙන් බොරු ආදායමක් පෙන්වා පාර්ලිමේන්තුව නොමඟ යවලා

පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව නොමග ගිය බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ඊයේ (24) රජයේ මුදල් පිළිබද කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් මහබැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේය.

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන් කළ ඇ.ඩො මිලියන 600ක මුදලක් ඉදිරි කාලය සඳහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකඟ වී ඇති බව නන්දලාල් වීරසිංහ එහිදී පැවසීය.

මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැති වීමද බලවත් ගැටලුවක් බවයි.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවන විට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය අද බවත් හෙතෙම අවධාරණය කළේය.