26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජපානයේ, පෝලන්තයේ, රුමේනියාවේ රැකියා රැසක් - ලංකාවෙන් මිනිස්සු යවන්න ජනපති සූදානම්

ජපානයේ, පෝලන්තයේ, රුමේනියාවේ රැකියා රැසක් – ලංකාවෙන් මිනිස්සු යවන්න ජනපති සූදානම්

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කර ගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.

පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචනය සඳහා අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබී ය. පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදා කර ගත හැකි ය.

හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතී. ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි. ඒ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්යය වේ.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තිය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කර ගනිමින් ජපන් භාෂා දැනුම ලබා දීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑ ම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට විදේශ රැකියා සඳහා පිටත් ව යාමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ. එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නො වන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය. විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වාහන බලපත්‍ර, නිවාස ණය හා පාසල් දරුවන් සඳහා පහසුකම් ලබා දීමෙන් ඔවුන් දිරි ගැන්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබී ය. තානාපති කාර්යාල මැදිහත් වීමෙන් රැකියා අවස්ථා උදා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.