27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාළු, මස්, බිත්තර මිල තවත් ඉහළට

මාළු, මස්, බිත්තර මිල තවත් ඉහළට

ඉන්ධන මිල නැවත වරක් ඉහළ දැමීම හේතුවෙන් මාළු, මස්, බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ යෑමේ තත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 38ක් හෝ 40ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ,

අද වෙද්දී කුකුළු ආහාර මිල සේම ඉන්ධන මිලත් වැඩිවීම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම විතරක් රුපියල් 31 ක් දක්වා වැඩිවී තිබෙනවා. කුකුළු ආහාර මිල ගණන් වැඩිවීම නිසා කුඩා පරිමාණ කුකුළු ව්‍යාපාරිකයන් රැසක් කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්නේ. රුපියල් 65 කට 70 කට අලෙවි කෙරුණු කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් සමග එය තවත් වැඩිවේවි. ගොවියාට මේ ව්‍යාපාරයේ රැඳී ඉන්න නම් අඩුම වශයෙන් බිත්තරයක් රුපියල් 38 කට හෝ 40 කට වත් අලෙවි කරන්න සිදුවෙනවා.