― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙන්ඩිස් සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා කෝටි 700ක් ණයට...

මෙන්ඩිස් සමාගම එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා කෝටි 700ක් ණයට අරන්

සීමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700ක ණය මුදලක් ලබාගෙන ඇති බව කෝප් කමිටුවේදී හෙළි වී තිබේ.

ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඊයේ (24) කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාවේදී සීමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳව විශේෂ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී පරීක්ෂණයක් කළ යුතු බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මේ අනුව ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳ වාර්තාවක් සකස්කර එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

එසේම 2020 වර්ශයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරීට කරන ලද රු. 32,039,733 ක මතභේදයට තුඩුදෙන ගෙවීමක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපතිවරයා මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් පැවැත්වූ බවත් වැඩවර්ජනය හේතුවෙන් දිනකට රුපියල් කෝටි 7කට වැඩි පාඩුවක් සිදු වූ බව පැවසීය.

මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදු වූ බවයි.

මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ බවද බැංකුවට එක් දිනකදී සිදුවූ පාඩුව දින කිහිපයක් සිදුවිය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ලංකා බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.