― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessමේ තියන බඩු මිලත් එක්ක ජීවත් වෙන්න යන අඩුම වියදම් මෙන්න

මේ තියන බඩු මිලත් එක්ක ජීවත් වෙන්න යන අඩුම වියදම් මෙන්න

දිනෙන් දින ඉහල යන උද්ධමනය එක්ක මිනිස්සු කර මුලට ම හිර වෙලා. කවුරු හරි හිතනවා නම් නැහැ මට එහෙම වෙන්නේ නෑ වෙන මිනිස්සුන්ට විතරයි වෙන්නේ කියලා. ඔයාට වැරදිලා මිත්‍රයා.

මේ වතුර අපි හැමෝගෙම නහයට උඩින් යනවා.වෙනස් වෙන එකම දේ තමයි මගේ වෙලාව කලින් එන එකයි ඔයාගේ වෙලාව ටිකක් පරක්කු වෙලා එකයි….

ඉතින් වැඩි දේවල් මොකටද…අපි යමු අපිට මොකද උනේ බලන්න…

පෙට්‍ර්‍රල් 92 ලීටරයක් 420 යි. අනිත් ඉන්ධන වර්ග ගැන මම කතා කරන්න යන්නෙ නෑ.මොකද සාමාන්‍ය සහ පොඩි මනුස්සයගෙ ඉන්ධන වර්ගය මේකනේ. අපි පෙට්‍රල්වලින් පැහැදිලි කිරීම කර ගම්මු. එතකොට අනිත් ඉන්ධන භාවිත කරන අය ගනන් හදා ගන්න ඒ අනුව …

සාමාන්‍යයෙන් රස්සාවක් එකක් කරන කෙනෙක් දවසට අඩුම කිලෝ මීටර් 50ක් පදිනවා. බිස්නස් එකක් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන කෙනෙක් කිලෝමීටර් 80ක් අඩුම පදිනවා. මම ඒ නිසා සමාන්‍ය දුර කිලෝමීටර් 60ක් වගේ ගන්නම්. අනිත් වාහන ගැන කතා කරන්නෙත් නෑ. සාමාන්‍ය මොටර් සයිකලයක් එකක දැන් එන මේ ජරා තෙල් එකෙන් ලීටර් 1 ට කිලෝමීටර් 40 කරනවා කියලා හිතුවොත් දවසට ලීටර් 1.5 ඕනා. ඒ කියන්නෙ පෙට්‍රල් වලට දවසට යනවා රුපියල් 610 ක්. (420 × 1.5) මාසෙට යනවා රුපියල් 18 300 ක්. (610 × 30) මේ තියෙන්නෙ තෙල් වියදම විතරයි.

එතකොට දැන් පොල් ගෙඩියක් අද තෙල් මිල වැඩිවීමත් එක්ක කොහොමත් 100 ක් වත් වෙයි( සමහර පලාත් වල නම් එහෙම වෙලත් තිබුනා ) . පාන් රාත්තලත් ගොඩක් දුරට 200 ක් වෙයි. නමුත් දැන් 170ක් කියලා ගම්මු . එක පොල් ගෙඩියකින් පාන් රාත්තල් 3 කට සාමාන්‍යයෙන් සම්බෝල හදන්න පුලුවන් කියලා හිතමු. සහ සම්බෝල හදන්න ඕනා අනිත් පොඩි පොඩි දේවල් වලටත් 100 ක් කියලා හිතමු.

එහෙම හිතලා තේ කිරි කෝපි මොකුත් බොන්නෙ නැතුව මාසෙම වේල් තුනටම පානුයි සම්බෝලයි කෑවොත් එක්කෙනෙක්ට මාසෙට යනවා මෙච්චරක් …

පොල් වලට = 1500 (100 × 15)

( පොල් ගෙඩියකින් එක්කෙනෙක්ට පාන් බාගයක් වේලකට කෑවොත් වේල් 6 ක් කන්න පුලුවන්. මාසෙට වේල් 90 ට යනවා පොල් (90/6) 15 ක් )

පාන් වලට = 7650 (170 × 45)

( එක වේලකට පාන් බාගෙ ගානෙ වේල් 90 ට පාන් රාත්තල් 45 යි )

සම්බෝලේ අනිත් දේවල් වලට = 1500 (100 × 15)

( එක පොල් ගෙඩියකට 100 ක් තිබ්බොත් පොල් ගෙඩි 15 ට )

එතකොට අවම ආහාර හා පෝෂණ මට්ටමකට ( සරලව කියනවා නම් නොමැරී ජීවත් වෙන්න ) යනවා මාසෙට එකෙක්ට 10 650 ක්.එතකොට දැනට
ලංකාවේ තියන තත්වය අනුව එක්කෙනෙක්ට අවම පෝෂණ මට්ටමකටයි, අවම ඉන්ධන මට්ටමකටයි විතරක් යනවා 28 950 ක්.

ඔය ටික විතරක් මදි නේ.කරන්ට් එක වතුර එහෙමත් ඕනේ නේ.

වතුර වලටයි විදුලියටයි අඩුම එකෙක්ට මාසෙට තව රුපියල් 1000 ක් විතර කොහොමත් යනවා.කම්පියුටර් එකෙන් වැඩ කරන අයට නම් ටිකක් වියදම වැඩිත් වෙයි.

දත් බෙහෙත් , සබන්, ශැම්පු, රැවුල් කොණ්ඩා කපනවා වගේ නිතර නොකරනවා උනත් වියදම් තියනවා.

කෙල්ලෙක්නම් සනීපාරක්ෂක වියදම් වෙනම එකතු කරන්න වෙනවා.මොකද දැන් පෑඩ්ස් පැකට් එකක් රුපියල් 490ක් විතර වෙනවා.ඊට වඩා අඩු මිල දේවල් තියනවා නම් ඒවා හෝ මේකට එකතු කරගන්න. මම දැනට සරලව මෙහෙම ගන්නම්.

කොල්ලෙක්ට රුපියල් 1000.00
කෙල්ලෙක්ට රුපියල් 2000.00 මේ ගාන නම් ගොඩක්ම අඩු ගානක්.මේක මීට වඩා වැඩි මිසක් අඩු නම් නෑ පුතේ.

යටටවත් උඩටවත් ඇදුමක් ගන්නෙ නෑ කියලා හිතුවත් බෙහෙතක් හේතක් නම් ගන්නම වෙනවා. ඒකටත් රුපියල් 1000 වෙන් කරමු. හැබැයි ඉතින් ලංකාවේ නම් කීය දීලත් ගන්න බෙහෙත් නෑ හැබැයි දැන්නම් ෆාමසිවලත්.

ඊට පස්සෙ ලොකුම දේ ඩේටා සහ කෝල් ගාස්තු. ඒකටත් අඩුම දවසට 50 ගානෙ දැම්මොත් මාසෙට යනවා රුපියල් 1500ක්.

ඉස්සර නම් කොල්ලො කෙල්ලො බොනවා කනවා.දැනට අපි ඒවා අමතක කරමු. බෝඩිම් වල ඉන්න උන්ගෙ කුලී වියදමත් අමතක කරමු. කොහෙවත් ඇවිදින්න කරන්න යන්නෙත් නැතුව මේ කියන්නෙ.

එතකොට ඔයා අවිවාහක පුද්ගලයෙක් වෙලා ගෙදර අම්මා තාත්තගෙ වියදමට කීයක්වත් දෙන්නෙවත් නැතුව සාමාන්‍ය බයික් එකක වැඩට ගිහින් ගෙදර එන කොල්ලෙක් කෙල්ලෙක් නම් අවම ජීවන මට්ටමක් වෙනුවෙන් ඔයාට තනියම දරන්න වෙනවා මාසෙට රුපියල් 33 450 ක් ( කෙල්ලෙක් නම් 35 450 ක් වගේ ). ඉතිං ගලපලා බලපන් උඹේ මාසෙ පඩියත් එක්ක මේ වියදම්. කෙලින්ම කිව්වොත් බං උඹේ මාසෙ පඩිය 40 000 ට වඩා අඩු නම් උඹ වැඩට යන එකට වඩා ගෙදර ඉන්න එක ලාභයි බං.

ඔය ගනන් හදලා තියෙන්නෙ 92 පෙට්‍රල් ගහගෙන සාමාන්‍ය බයික් එකක වැඩට යන ගෙදරට බරක් නොවී තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන ඔයාට යන අඩුම මාසික වියදම.

වේල් 2 ක් හරි ගෙදරින්ම කන එකෙක් නම් මේ වියදමෙන් තව 8000 ක් විතර ඔතනින් අඩු වෙනවා.

ඔයා බස් එකේ කෝච්චියේ එකේ යන එකෙක් නම් උඹේ වියදම තව 8000 ක් විතර අඩු වෙනවා

හැබැයි වාහනේක වැඩට යන කෙනෙක් නම් උඹට තව 18 300 ක් එකතු වෙනවා.

ඔයා බෝඩිමක නම් කුලියට නම් ඉන්නෙ බෝඩිම් ගාස්තුව ගෙදර කුලිය ඕකට එකතු වෙනවා.

ඒ වගේම විවාහක හැබැයි තාම ළමයි නැත්තම් නම් ඕක ඩබල් වෙනවා.

අනිත් කාරණාව ළමයිනුත් ඉන්නවනම් මට නම් හිතා ගන්න වැඩිවෙන තරම ළමයින්ගෙ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍යයට යන වියදම ගැන නම් මට ලොකු අදහසක් නැහැ …

ඔයා බිස්නස් එකක් කරන එකෙක් නම් ඔයිට වඩා වියදම වැඩි වෙනවා .. හැබැයි ඒක බිස්නස් එකේ වියදම් නිසයි මම ජීවන වියදමට ඒක ගළපන්න ගියෙ නැත්තෙ.

මේක තමයි මිත්‍රයා දැන් රටේ තත්වෙ .. ඇත්තටම අපි වේල් 3 ටම පානුයි සම්බෝලා කන්නෙ නෑනෙ.ඇත්ත ලෝකේ මීට වඩා වෙනස් නේ. තේ කෝපි කිරි මොනාහරි බොනවනෙ .. සැර ජාති බොන උන් නොබී ඉන්නෙත් නෑනෙ. ගෙදරට උදව් කරන උන් ඒක නොකර ඉන්නෙත් නෑ. ඒ නිසා ඔය වියදම ඇත්ත ලෝකයේ දී තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.

කෙටියෙන්ම කියන්නම්, ඔයාගේ වැටුප වැටුප 40 000 ට අඩු නම්, ඔයා ඉන්නේ මාර හිරවීමක ඉන්නෙ ! මේ ඉරණම අපිට අත් කරපු උන්ට හෙනම ගහලත් මදි….

මේ වෙලාවේ කොහොමහරි ගේමක් ගහලා ජීවත් වෙන්න නෙමේ, සර්වයිව් වෙන්න බලන්න .. වෙන කියන්න දෙයක් නැහැ මිත්‍රයා…!