31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලෝක බැංකුවෙන් ලංකාවට රතු එළියක්

ලෝක බැංකුවෙන් ලංකාවට රතු එළියක්

රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදෙන තුරු ශ්‍රී ලංකාවට අලුතින් කිසිදු මූල්‍ය සහනයක් ලබානොදෙන බවට ලෝක බැංකුව අනතුරු අගවා තිබෙනවා.

ඔවුන් දන්වා සිටින්නේ මීට ඉහතදී විවිධ අරමුණු සඳහා අනුමත කල ආධාර මුදල් හදිසි අවශ්‍යතා සඳහා යෙදවීම කෙරෙහි සළකා බලමින් සිටින බවයි.අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම – දිළිඳු ජනතාවට මුදල් ආධාර දීම ආදි වෙනත් සහයන් සඳහා එම මුදල් යොදවන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමටයි ලෝක බැංකුව කටයුතු කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට නව ණය පහසුකමක් සැපයීම සඳහා අවසන් එකගතාවයකට පැමිණි බවට ලෝක බැංකුව උපුටා දක්වමින් පළවී තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.