සති 06ක් තුළ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රොටයිටර් පුවත් සේවයට පවසා තිබේ.
දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් යොමු කිරීමට යටිතල පහසුකම් ව්‍යපෘති කප්පාදු කරන බවත් ණය පොලී ආපසු ගෙවිය හැකි බවට තහවුරු කිරීම මෙන්ම පීඩාවට පත් අයට සහන සැලසීමට තවත් මුදල් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
“අපි දන්නවා තත්ත්වය ඉතා අසීරුයි. ඒ නිසයි අපි සහන දෙන්න බලන්නෙ.අඩුම තරමේ අවුරුදු දෙකක කාලයක් සඳහාවත් සහන වැඩසටහනක් ඇති කරන්න. ඒ සඳහා අන්තර්කාලීන අයවැයක් අවශ්‍යයි. නමුත් එය තනිව කරන්න බැහැ. අපිට රුපියල් ආදයම නෑ.දැන් අපිට තවත් ට්‍රිලියනයක මුදල් අච්චු ගහන්න වෙලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් වෙයි එය උද්ධමනයටත් බලපාන ආකාරය.”