32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආහාර හිඟය නිසා දරුවන්ට මන්දපෝෂණය වැළඳීමේ ප්‍රවණතාවක්

ආහාර හිඟය නිසා දරුවන්ට මන්දපෝෂණය වැළඳීමේ ප්‍රවණතාවක්

ජූනි මාසය වන විට රටේ ඇති විය හැකි ආහාර හිඟය නිසා බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළිය හැකි බවත් ගර්භණී මවුවරුන්ද එවැනි තත්ත්වයකට පත්වීමෙන් අඩු බර දරු උපත් වැඩි විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

වී වගාවට අවශ්‍ය පොහොර හිඟය හා වල්නාශක, කෘමි නාශක, රසායන වෙළෙඳපොළේ නොමැති වීම හේතුවෙන් ගොවීන් යල කන්නයේ වී වගා කිරීම අත්හැර දමා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැව්, අමුණු මෙන්ම කුඹුරු යායවල් මේ වන විට ජලයෙන් පිරී පැවැතියත් යල කන්නයේ වී වගාව අරඹා තිබෙන්නේ සියයට 45ක වපසරියක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කරයි.

මේ හේතුව නිසා මේ වසරේදී රටේ විශාල හාල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් ඒ අනුව මේ වසර තුළ පරිභෝජනය සඳහා හාල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක් පමණ ආනයනය කිරීමට සිදුවන බවත් එසේ ආනයන කරන හාල් කිලෝවක් රුපියල් 200කට වැඩි මිලකට අලෙවි කිරීමට සිදුවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.