29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී හොස්පිට්ල් එකෙන් පුළුන් කෑල්ලක්, ප්ලාස්ටර් එකක්වත් හොයාගන්න බැරිවෙයි

ඉදිරියේදී හොස්පිට්ල් එකෙන් පුළුන් කෑල්ලක්, ප්ලාස්ටර් එකක්වත් හොයාගන්න බැරිවෙයි

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයෙන් සහ පිළිකාවෙන් පීඩා විඳින රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ගණනාවක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පවසයි.

හෙතෙම මේ බව අනාවරණය කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ හේතුවෙන් රෝගීන් මේ වන විට විශාල අනතුරකට මුහුණ දී ඇති බවත් රෝහල් පද්ධතිය තුළ පුළුන් කැබැල්ලක් හෝ ප්ලාස්ටර් කැබැල්ලක් සොයාගත නොහැකි මට්ටමේ තත්වයක් ඉදිරියේදී උද්ගත වනු ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

තමන් ඇතුළු රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මීට මාස කිහිපයකට පෙර සිටම මේ දරුණු තත්වය උද්ගත වේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සියලුම අදාළ බලධාරින්ට දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවෙකුගෙන් ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් හෝ ඒ පිළිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකළ බවට ඔහු එම මාධ්ය හමුවේදී චෝදනා කළේය.