ජනතාව ඉල්ලා සිටින්නේ නම් මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පිවිසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.හේරත් පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
“2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදුණා. කොහොම වුණත් මිනිසුන් ඔහුව ආපසු කැඳෙව්වා. ඔහුත් ඇවිත් බලය ගත්තා. ඉතින් මිනිස්සු ඉල්ලුවොත් එයා ආපහු එනවා. ඒ වගේම මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවා.“