29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගිනිබත් වූ නිවාසවලට වන්දි දෙන්න කලින් වත්කම් උපයා ගත් හැටි සෙවිය යුතුයි

ගිනිබත් වූ නිවාසවලට වන්දි දෙන්න කලින් වත්කම් උපයා ගත් හැටි සෙවිය යුතුයි

පසුගියදා සිදු කළ ගිනි තැබීම් හා අලාභ හානිවලට ලක්වූ නිවාස, ගොඩනැගිලි හා දේපළවලට වන්දි ගෙවීමේදී එම දේපළ උපයා ගත් අන්දම තහවුරු කිරීමේ නිර්ණායක සහිත ක්‍රමවේදයක් සකසා කළ යුතු බව මූල්‍ය උපදේශකවරයෙක් වන වරලත් ගණකාධිකාරි ප්‍රශාන්ත අබේකෝන් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශේෂයෙන් ආදායම් බදු ගෙවා ඇති ගොනු, වත්කම් බැරකම් ප්‍රකාශන, ව්‍යාපාර ඇත්නම් ඒවායේ වාර්ෂික ගිණුම් වාර්තාද, රක්ෂණ පිළිබඳ තොරතුරුද ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

ගිනි තැබූ හා විනාශ කළ දේපලවලින් අති බහුතරය මැති ඇමතිවරුන් හා දේශපාලනඥයින් සතුවන අතර ඔවුන් අතරින් කිසිවකු හෝ සතුව හෙළි නොකළ වත්කම් තිබුණි නම් ඒවාට වන්දි ගෙවීම තුළින් ‘කළු සල්ලි සුදු වීමට’ ඉඩකඩක් ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.