24.1 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගමේ අදහස් ගැනීමට අගමැතිගෙන් වෙබ් අඩවියක්

ගෝඨාගෝගමේ අදහස් ගැනීමට අගමැතිගෙන් වෙබ් අඩවියක්

‘ගෝටාගෝගම’ සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ කණ්ඩායම් වලට අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේදි  අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදීමට නියමිතය.