― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsණය ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි ඒක වියදම් කරපු හැටියි ප්‍රශ්නේ

ණය ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි ඒක වියදම් කරපු හැටියි ප්‍රශ්නේ

මේ වන ශ්‍රී ලංකාවට අත්ව ඇති ඉරණමට මූලිකම හේතුව ලෙස තමා දකින්නේ ණය ගැනීම නොව, ​එසේ ලබාගත් ණය වියදම් කර ඇති ආකාරය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ලෝකයේ තිබෙන ඕනෑම රටක් ණය ගැනීම වැරැද්දක් නොවන බව පවසන හෙතෙම ලෝකයේ ණය නොගෙන රටක් දියුණු කළ නොහැකි බවද පවසනවා. නමුත් ඔහු පෙන්වා දෙනවා දෙන්නේ රජයට ණය අවශ්‍ය වූ විට ඒ සඳහා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව පහසුකම් සැලසූවත්, එසේ ලබාගන්නා ණය මුදල් භාවිතා කරන්නේ කුමන කාරණා සඳහා දැයි තීරණය කරන්නේ රජය සහ පාර්ලිමේන්තුව බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මේ මොහොත වන විට විශාල අයවැය හිඟයක් තිබෙන හෙයින්, යම් ණයක් ලැබූ විගස එය රටේ එදිනෙදා වියදම් සඳහා යෙදවී ඇති බවත්, ආයෝජන සඳහා යම් කොටසක් යෙදවී තිබුණත් එම ආයෝජන හරහා ප්‍රතිලාභයක් රටට ලැබී තිබේද යන්න ගැටලු සහගත බවත් ඔහු මෙහිදී කියා සිටිනවා.