― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsබැඳුම්කරයේ පිළිතුරු ගොනුකිරීමට නීතිපතිට කල් දෙයි

බැඳුම්කරයේ පිළිතුරු ගොනුකිරීමට නීතිපතිට කල් දෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති දෙපාර්ශ්වය විසින් ගොනු කළ මූලික විරෝධතාව සඳහා පිළිතුරු ගොනු කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

මෙම නඩුව අද (26) චම්පා ජානකී රාජරත්න සහ නාමල් බළල්ලේ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුකරයට අදාළ අධිචෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කොට සියලු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ විරෝධතා ගොනුකිරීම සඳහා ජුලි මස 04 වැනිදා දක්වා කල් ලබාදී තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු 10ක් නම් කර ඇත.