27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsව්‍යාජ සමීක්ෂණ වංචාවක් ගැන හේමාස් රෝහලෙන් අනාවරණයක්

ව්‍යාජ සමීක්ෂණ වංචාවක් ගැන හේමාස් රෝහලෙන් අනාවරණයක්

‘Hemas Holdings රජයේ වෛද්‍ය සහනාධාර’ යනුවෙන් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වීමෙන් රුපියල් 100,000ක ත්‍යාගයක් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන පණිවුඩය අසත්‍ය එකක් බව හේමාස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය Phishing වර්ගයේ සංවේදී පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වංචාකරුවන් විසින් බෙදාහරින ලද පණිවුඩයක් බවයි.

එය පිරවීමෙන් හෝ ශෙයාර් කිරීමෙන් වළකින ලෙසත් පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙරෙ එයින් ආරක්ෂා වන ලෙසත් හේමාස් රෝහල් සහ රසායනාගාර ජාල කළමනාකාරීත්වය මහජනතාවගෙන් ඉල්ලයි.